LPL නිල තේමා ගීතය එළි දැක්වෙයි..

LPL නිල තේමා ගීතය එළි දැක්වෙයි..

ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක විස්සයි විස්ස තරගාවලියේ තේමා ගීතය ඊයේ (නොවැම්බර් 20) එළිදක්වනු ලැබීය.

එල්පීඑල් තරගාවලිය ලබන 26 වෙනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම ප්‍රකට විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එක්ව සිටින බව වාර්තා වේ.

එල්පීඑල් තරගාවලියේ විකාශන අයිතිය සෝනි ස්කයි ස්පොර්ට්ස් සහ පාකිස්තාන පී.ටී.වී. ආයතනය විසින් මිලදී ගෙන තිබේ.

LPL තේමා ගීතය පහතින්..

Facebook Comments