LPL අවසන් පූර්ව තරග ගැන ක්‍රීඩා අමාත්‍යවරයා කී දේ..

LPL අවසන් පූර්ව තරග ගැන ක්‍රීඩා අමාත්‍යවරයා කී දේ..

මෙවර LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ සුබ පැතුම් එක්කළේය.

එහිදී පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වූ කලම්බු කිංග්ස් කණ්ඩායම තරගාවලිය පුරා හොදින් දක්ෂතා දැක් වුව ද අවාසනාවන්ත ලෙස අවසන් තරගයට සුදුසුකම් නොලැබූ බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව තිබුණේ කලම්බු කිංග්ස් කණ්ඩායම වන අතර, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි වූයේ එහි සිව්වන ස්ථානයයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අවසන් පූර්ව තරග වෙනුවට ලබන වසරේ සිට අවසන් වටයේ තරග සදහා playoffs ක්‍රමවේදය ඇතුළත් කිරීමට තරගාවලි සංවිධායකයින්ගේ අවධානය යොමු වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.

Facebook Comments