IPL කාලසටහන ප්‍රකාශයට පත්කරයි – පළමු තරග 19 වෙනිදා

IPL කාලසටහන ප්‍රකාශයට පත්කරයි – පළමු තරග 19 වෙනිදා

පැවති කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ලෝකයේ සියලුම ක්‍රීඩා වලට විශාල වශයෙන් බාධා එල්ල විය.කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරස තත්වය ක්‍රමයෙන් පහව යමින් ඇති නිසා ලෝකයේ බොහෝ ක්‍රීඩා තරග ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබේ.

ඒ අනුව ලෝකයේම අවධානයට ලක්වන ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වැනිදා පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර තරගාවලියේ තරග 24ක් ඩුබායිහීදී ද, තරග 20ක් අබුඩාබිහීදී සහ තරග 12ක් සාජාහීදී ද පැවැත්වීමට නියමිතයි.

දහවල් ආරම්භ වන තරග මෙරට වේලාවෙන් පස්වරු 3.30ට සහ, රාත‍්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ වනු ඇත. තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගන පසුව ප‍්‍රකාශයට පත් කරන බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේය.

Facebook Comments