දේශසීමා ආරක්ෂාව වැඩි කිරීම සහතික කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සතියේ ආරක්ෂක ආයතන සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරා අබේවර්ධන මහතා පැවසීය.
කළමණාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ටර්පෝල්, පිළිගත් ගුවන් සමාගම් සහ අදාළ ආරක්ෂක ආයතන සමඟ ගිවිසුම අත්සන් කරන බව අබේවර්ධන මහතා පැවසීය.
ඒ අනුව, ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් රටවලින් ගුවන් ගත වීමට පැය 48 කට පෙර ගුවන් සමාගම් තම මගීන්ගේ තොරතුරු ආගමන දෙපාර්තමේන්තුවට ලබා දෙනු ඇත.
මගියෙකු රට තුළට පැමිණීමට පෙර මෙම තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු අදාළ බලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබේ.
Facebook Comments