13 හැවිරිදි දැරියට පහරදුන් පියා, සුළු මව සහ ග්‍රාම නිලධාරිනිය රිමාන්ඩ්! මිත්තණිය කතාව හෙළිකරයි.. (Video)

13 හැවිරිදි දැරියට පහරදුන් පියා, සුළු මව සහ ග්‍රාම නිලධාරිනිය රිමාන්ඩ්! මිත්තණිය කතාව හෙළිකරයි.. (Video)

13 හැවිරිදි දැරියක් බරපතල පහරදීමකට ලක් කළ බවට චෝදනා ලද නිකවැරටිය ප්‍රදේශයේ පියා, සුළු මව සහ ග්‍රාම නිලධාරිනියක ජනවාරි 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජනවාරි 4) නියෝග කළේය.

සැකකාර පියා විසින් මෙම නව යොවුන් දියණියට කිහිප අවස්ථාවකම පහර දී ඇති බවට අනාවරණය වී තිබේ.

මේ අතර, අත්අඩංගුවට ගැණුනු නිකවැරටිය ග්‍රාම නිලධාරිනියගේ සේවය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබේ.

නව යොවුන් දැරියක් කාන්තාවන් දෙදෙනෙකු විසින් ක්‍රිකට් පිත්තකින් පහර දීමකට ලක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වෙමින් පවතී. දැරියගේ මිත්තණිය දැක්වූ අදහස් මේ වීඩියෝවෙන් නරඹන්න.

Facebook Comments