11 දෙනා අතුරුදන් කිරීමේ සිද්ධියේ චූදිත නාවික හමුදා සාමාජිකයන්ට එරෙහිව පියවරගන්න – නීතිපති

11 දෙනා අතුරුදන් කිරීමේ සිද්ධියේ චූදිත නාවික හමුදා සාමාජිකයන්ට එරෙහිව පියවරගන්න – නීතිපති

2008 – 2009 කාලසීමාව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 14කට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 678ක් යටතේ පසුගියදා කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරනු ලැබිණ.

එම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සුදු වෑන් භාවිතා කරමින් 2008 වසරේ අගෝස්තු 25 වැනි දා සහ 2009 මාර්තු 21 වැනි දා කාලය අතර අවස්ථා 06 කදී කොටහේන ඇතුළු තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ.

මේ අතර, තරුණයින් 11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදා සාමාජිකයින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි නීතිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට සහ නාවික හමුදාපතිවරයාට ඊයේ (නොවැම්බර් 13) දන්වනු ලැබීය.

Facebook Comments