හිට්ලර්ගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතිය සහ හිට්ලර්ගේ දරුවා

හිට්ලර්ගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතිය සහ හිට්ලර්ගේ දරුවා

Unity Mitford යනු බ්‍රිතාන්‍ය ජාතික රදල පවුලක කාන්තාවක්, ඇය තමා කිසිදිනෙක දැක නැති හිට්ලර් ගැන වශීවී සිටි අයෙක්. 1934 දී එක් දිනෙක ඇය එංගලන්තයේ සිට ජර්මනියේ Munich නගරයට ගමන් කරනවා හිට්ලර් දැන හඳුනාගන්නා අටියෙන්, හිට්ලර් නිතරම ආහාර ගන්නා අවන්හලට මාස දහයක වැනි කාලයක් ඇයට සැරිසරන්න වුනා ජර්මනියේ නායකයාගේ ඇස ගැටීමට. ඔහු ජර්මනියේ Fuhrer වුවත් පුරුදු වී සිටියේ සීමිත අවන්හල්වල පමණක් ආහාර ගැනීමට. ඇය කෙසේ හෝ ඔහුව මුණගැසී පසුකාලීනව ළඟම හිතෛෂීයක් බවට පත්වුණා.

Unity Mitford

හිට්ලර් Unity Mitford ගේ මැද නම Valkyrie යන නමට ඇළුම් කළා. Valkyrie යනු Nordic ජර්මානු සම්භවයකින් පැවැත එන මිථ්‍යා දෙවඟනක් සිටින ප්‍රවේශයක් (
Valkyrie යනු ජර්මන් Nordic මිථ්‍යා විශ්වාසය අනුව යුද්ධයේදී මිය යන්නේ හෝ නොයන්නේ කවුදැයි තීරණය කරන දෙවඟනයි.) තවද ඇගේ සීයා යුදෙව් විරෝධී රචනා පරිවර්තනය කළ අයෙකු බව දැනගත් කල එය හිට්ලර්ගේ බලවත් සතුටට කරුණක් වුණා. හිට්ලර්ගේ ළඟම මිතුරන් හට ඇයව හඳුනා දෙනු ලැබුවා. පසුකාලීනව ඇය ද යුදෙව් විරෝධී කතා පැවැත්වූ අතර, ඒවායේ ලිපි ද පලකළා.

හිට්ලර් ඇය ගැන කොතරම් පැහැදුනද කියතොත් ඇයට රන්වන් ස්වස්ථික සම්මානයෙන් ඇයව පිදුවේ 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේදීයි. හිට්ලර් සමග ළඟදී ඇසුරට වැටුන මේ බ්‍රිතාන්‍ය ගැහැණිය දෙස එවා බ්‍රවුන් බැලුවේ එතරම් සානුකම්පිත ලෙසකින් නම් නෙමෙයි.

1938 දී හිට්ලර් Unityට තමාගේ Munich හි නවාතැනේ ලැගුම් ගන්නටත් ආරාධනා කළා. දැන් මේ සිදුවීම් දෙස උකුසු ඇසින් බලා සිටි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නායක Guy Liddelට නම් එතරම් සුබ දවසක ආරංචියක් වුනේ නම් නැහැ. 1939 සැප්තැම්බර් මස 3 වැනිදා බ්‍රිතාන්‍යය, ජර්මනිය සමග යුධ ප්‍රකාශ කළත් ඇය ජර්මනියෙන් පිටවෙන්න අකැමැත්ත පල කළා.

scanned by EPD from the magazine Newstatesman Dec-Jan 2008 edition page 37 Hitler, Unity and SA Obergruppenfuhrer Franz von Pfeffer, pictures in Bayreuth, 1936

Munich නගරයේ පිහිටා ඇති English Garden නමැති උද්‍යානයට එක් දිනක් ඇය පැමිණියේ හිට්ලර් විසින් ඇයට තෑගි දෙන ලද මුතු වලින් සැදුන මිටක් ඇති පිස්තෝලයක් අත දරාගෙන. හිසට පිස්තෝලය තැබූ ඇය තිරිංගය තද කළා. තදබල ලෙස තුවාල ලැබූ ඇය මරණයෙන් බේරුණේ පුදුමාකාර ලෙසයි. මියුනිච් නුවර රෝහලේ බිල් ගෙවන ලද්දේද හිට්ලර් විසින්. පසුකාලීනව ඇය ස්විට්සර්ලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට Deborah නම් අයගේ සොහොයුරිය ඇයව යළිත් එංගලන්තයට ගෙන ගියා.

යන්තම් ඇවිදගන්න තරම් තත්ත්වයකට ඇය පැමිණ සිටියත්, සම්පූර්ණ සුවයක් ලැබුවේ නැහැ. 1948 ඇය මියගියේ උණ්ඩයෙන් මොළයට ඇති වූ තුවාල නිසා හටගත් මෙනිංජයිටීස් රෝගයෙන්.

නමුත් මේ කතාවේ තවත් අත්භූත අතුරු කතාවක් තියෙනවා. කිසිදාක තහවුරු නොවූ කතාවකින් කියවෙන්නේ ඇය ඊට පෙර කලෙක ඔක්ස්ෆර්ඩ් හි මාතෘ නිවාසී සායනයක දරුවෙක් බිහිකළ බවයි. යුධ කාලය මෙහි ළමා උපත් කිසිවිටෙකත් සටහන් නොකෙරුන හෙයින් එහි එය පිළිබඳව කිසිම සාක්ෂියක් ඇත්තේ නැහැ. මෙම කතාව ඇත්තක් නම් හිට්ලර් ගේ දරුවෙක් එංගලන්තයේ කොහේහරි ජීවත්වෙනවා වෙන්න පුළුවන්.

අජිත් ප්‍රනාන්දු

Facebook Comments