හාන්සි වූ අලියා නායකයෙකු සොයා රට හමුවේ නා ගනීද….?

හාන්සි වූ අලියා නායකයෙකු සොයා රට හමුවේ නා ගනීද….?

මේ වන විට එක්සත් ජාතික පක්ෂය දේශපාලනිකව ඉතාමත් පහතට වැටී තිබේ.ලැබූ මැතිවරණ පරාජය උහුලා ගත නොහැකි එකක් වීම නිසා මේ වන විට පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් රැසක් නිර්මාණය වී තිබේ.එවැනි පසුබිමක තීරණාත්මක සාකච්ඡාවක් සදහා එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී රැස් විය.

ඒ, පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. අද පැවති කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමුවී ඇත්තේ පක්‍ෂ නායකත්ව ගැටළුව සම්බන්ධයෙන් බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කළේය. එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ ප‍්‍රකාශ කර තිබූ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු කථානායකවරයා සදහන් කළේ ඒ පිළිබද තමන් පක්‍ෂ නායකත්වයට සහ ජේ්‍යෂ්ඨයන්ට දැනුම් දුන් බවයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජේවර්ධන මීට පෙර ප‍්‍රකාශ කළේ තමන්ද පක්‍ෂ නායකත්වය භාරගැනීමට සූදනම් බවයි. එය භාර ගනු ලබන්නේ සියළු දෙනාගේ කැමැත්ත අනුව බව ඔහු ප‍්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සදහා ද මෙතෙක් කිසිවෙකුත් නම් කර නොමැති පසුබිමක පක්‍ෂ නායකත්වය යළි කරලියට පැමිණීම හේතුවෙන් එය ද තවදුරටත් ප‍්‍රමාද වනු ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කර සිටී.

අද පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කර සිටී. ඒ අනුව පක්‍ෂයේ ව්‍යවස්ථානුකූලව නව නායකත්වය සැප්තැම්බර් මස මුල් සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණය කිරීමට අද පැවති සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

Facebook Comments