“සිකුරාදා වන විට නායකත්වය ගැන අවසන් තීරණය ගත යුතුයි.”

“සිකුරාදා වන විට නායකත්වය ගැන අවසන් තීරණය ගත යුතුයි.”

දීර්ඝකාලීන නායකත්ව අර්බුදය ගැන කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා අතර මතභේදාත්මක ගැටලු විසඳා අවසන් තීරණයකට එළඹෙන ලෙස සතියක අවසාන නිවේදනයක් නිකුත් කර තිබේ.

කථානායක කරු ජයසූරිය, වික්‍රමසිංහ මහතා සහ ප්‍රේමදාස මහතා තවමත් සාකච්ඡා සඳහා රැස්වී නොමැති නමුත් සාමාජිකයින් සිකුරාදාට පෙර එසේ කරනු ඇතැයි අපේක්ෂා කරති.

වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා සවස කථානායකවරයා හමුවී ඇති අතර, ප්‍රේමදාස මහතා ඊට සහභාගි වී නොමැත. මේ පිළිබඳව තවදුරටත් ඵලරහිත සාකච්ඡා නොකිරීමට මැදිහත්කරු ලෙස කටයුතු කරන ජයසූරිය මහතා සමඟ වික්‍රමසිංහ මහතා එකඟ වී තිබේ.

වික‍්‍රමසිංහ මහතා ඉරිදා සවස ජයසූරිය මහතා මුණගැසී ඇති බවත් සිකුරාදා වන විට පක්ෂය අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා තහවුරු කළේය.

“සිකුරාදා වන විට නායකත්වය පිළිබඳ තීරණයක් ගනු ලබන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් කරනු ලැබේ.”

එළඹෙන මහ මැතිවරණය අපේ‍්‍රල් මස අවසාන සතියේ පැවැත්වීමට ඉඩ ඇති හෙයින් තවදුරටත් ප‍්‍රමාද නොවී මෙම කාරණය සමථයකට පත් කරන ලෙස සාමාජිකයින් කිහිප දෙනෙකු ඉල්ලා ඇත.

සුහද විසඳුමක් නොලැබුනහොත් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා ප්‍රේමදාස එක්සත් ජාතික පෙරමුණේ සුළුතර පක්ෂ සමඟ තමන්ගේම සන්ධානයක් ඇති කර ගනු ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පක්ෂ බෙදීම වෙනුවට මෙම කාරණය සමථයකට පත් කිරීමට උනන්දු වෙති.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පසුගිය සතියේ කියා සිටියේ, පවතින ගැටළු සමඟ, පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීම සඳහා එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරීමට පක්ෂයට අතිශයින් මහන්සි විය යුතු බවයි.

Facebook Comments