සරත් විජේසූරියගේ නඩුවේ තීන්දුව ජනවාරි 14

සරත් විජේසූරියගේ නඩුවේ තීන්දුව ජනවාරි 14

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ජනවාරි 14 වෙනිදා ලබාදෙන බව අභියාචනාධිකරණය අද (නොවැම්බර් 25) නියෝග කළේය.

ද්වී පුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකාර පාර්ශවයට නියෝග කළේ විරෝධතා ඇත්නම් දෙසැම්බර් මාසය වන විට ඒවා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.

මෙම නඩුවේදී, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය විජේසූරිය මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට ඒ මහතාට චෝදනා එල්ල වී තිබේ.

පැමිණිල්ල ගොනු කර ඇත්තේ නීතීඥ සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසිනි.

Facebook Comments