සම්පායෝ ඇතුළු සිව්දෙනා අගෝස්තු 18 දක්වා රිමාන්ඩ්!

සම්පායෝ ඇතුළු සිව්දෙනා අගෝස්තු 18 දක්වා රිමාන්ඩ්!

මීගමුව බන්ධනාගාරයේ වැඩ තහනම් කරන ලද බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ අනෙක් මීගමුව බන්ධනාගාර නිලධාරීන් තිදෙනා අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධානාගාරගත කොට තිබේ.

මෙම නඩුව අද (04) මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීතිපතිගේ උපදෙස් අනුව ජූලි 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID අනුරුද්ධ සම්පායෝ මහතා සහ මීගමුව බන්ධනාගාරයේ තවත් නිලධාරීන් 03 දෙනෙකුට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා ගත්තේ මීගමුව මහේස්ත්‍රාත්වරයාගෙනි.

සේවය අත්හිටවූ බන්ධනාගාර අධිකාරී පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.පී. අනුරුද්ධ සම්පායෝ, ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න හා ජේලර් කාලිංග කළුඅග්ගල මෙසේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණ.

මීගෞව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල ජූලි 25 වන දින රහස් පොලිසියට භාර වූ අතර පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ප්‍රධාන ජේලරුවරුන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න යන අය ජූලි 29 මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූහ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරය භාරයට පත් කරන ලෙස ද නියෝග කෙරිණි.

මේ අතර, සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් ඉල්ලා බන්ධනාගාර අධිකාරි සම්පායෝ යන අය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබිණ.

වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටි සම්පායෝ මහතා අගෝස්තු 02 වන දින කුරුණෑගල දී අත්අඩංගුවට ගනු ලැබීය.

Facebook Comments