ගැටුම් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්වය විමසීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්රීවරු දස දෙනෙක් මේ වන විට මහර බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.
හරින් ප්රනාන්දු මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙන් මෙම මන්ත්රිවරු දස දෙනා මහර බන්ධනාගාරයට ගොස් ඇති අතර මේ වන විට එහි තත්වය සොයා බලමින් සිටින බව ද සමගි ජනබලවේගයේ ප්රකාශකයෙකු සඳහන් කළේය.
නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, රෝහිණී කවිරත්න, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි හා රෝහණ බණ්ඩාර යන මන්ත්රීවරු මෙසේ මහර බන්ධනාගාරයට ගොස් තිබේ.
Facebook Comments