ශිරන්තිගේ සහෝදරයා සීෂෙල්ස් මහකොමසාරිස් තනතුරට

ශිරන්තිගේ සහෝදරයා සීෂෙල්ස් මහකොමසාරිස් තනතුරට

ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර ඇත.

සීෂෙල්ස් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාව සබඳතා පටන් ගනු ලැබූවේ 2010-14 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය තුළදීය. එම කාලයේ දී සීෂෙල්ස් රාජ්‍ය තුළ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් ද, ලංකා බැංකු ශාඛාවක් ද ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු ප්‍රමාණයක් වාසය කරන සීෂෙල්ස් රාජ්‍යය තුළ තානාපති කාර්යාලයක් සහ ලංකා බැංකු ශාඛාවක් පිහිටුවීම එකල දැඩි අවධානයට ලක්ව තිබුණි. 2020වන විට සීෂෙල්ස් රාජ්‍යයේ සමස්ත ජනගහනය 98,000ක් වූ අතර එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,200 කි. ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රාම සේවක වසම් වල මීට වඩා වැඩි ජනගහනයක් සිටී.

එහෙයින් මෙතරම් කුඩා ජනගහනයක් සඳහා ශ්‍රී ලාංකික මහ කොමසාරිස් වරයෙකු පත් කිරීම සැකකටයුතු සිදුවීමකි. මෙම කුඩා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යය කළු සල්ලි සුදු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රකටව ඇත.

ශිරන්ති වික්‍රමසිංහ ගේ වැඩිමහල් සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ 2010-14 සමයේ ශ්‍රී ලංකන් එයාර් ලයින් හා මිහින් ලංකා සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුදල් නාස්තිය සහ බලය අයුතු ලෙස පරිහරණය පිළිබඳ ඔහුට චෝදනා රැසක් එල්ල වී තිබේ.

ගෝටාබය රාජපක්ෂ මහතා ජනාධිපති වූ විගසම ප්‍රකාශ කළේ රටේ වැදගත් රාජ්‍ය ආයතන හා රාජ්‍යතාන්ත්‍රික තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ දී විද්වත් කමිටුවක නිර්දේශ ලබා ගන්නා බවයි. එසේම ඥාතීන් ඉහළ තනතුරුවලට පත් නොකරන බවටද මැතිවරණ සමයේ කියා තිබුණි.

Facebook Comments