ශානිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම මැයි මස 11 වෙනිදා..

ශානිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම මැයි මස 11 වෙනිදා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 11 වෙනි දිනය යළි නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අග විනිසුරු ජයන්ත ජයසූරිය සහ විනිසුරුවරුන් වන සිසිර ජේ. ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විතය.

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමෙන් තමාව සේවයෙන් පහත හෙළීමෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බවට පෙත්සම්කාර අබේසේකර මහතා තම පෙත්සමෙන් පෙන්වා දෙයි.

Facebook Comments