ශානිගේ නඩුවට තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට..

ශානිගේ නඩුවට තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ගිනි අවි නඩුවකට අදාළ සාක්ෂි ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු වන අතර කිතුලන්පිටිය, උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සඳුදා (ජූලි 03) ඔහු රහස් පොලිසියට කැඳවා රාත්‍රී 8.25 ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

Facebook Comments