විශාරද ජගත් වික්‍රමසිංහ ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස වැඩ බාර ගනී.

විශාරද ජගත් වික්‍රමසිංහ ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස වැඩ බාර ගනී.

ඊයේ (13) දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස පත් වූ විශාරද ජගත් වික්‍රමසිංහ මහතා තම රාජකාරි කටයුතු ආරම්භ කරණ ලදී.

ජගත් වික්‍රමසිංහ මහතා වැඩ බාරගන්නා අවස්ථාව සදහා විශාරද එඩ්වඩ් ජයකොඩි, රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි කලාකරුවෝ රැසක්ද සහභාගී විණි.

එහිදී පැමිණ සිටි පිරිස අමතා විශාරද ජගත් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“ගුවන්විදුලිය සමඟ මට තියෙන්නේ ලොකු ඉතිහාසයක්. මම තාත්තගේ අතේ එල්ලිලා ගුවන් විදුලියට එනකොට අවුරුදු 3ක් විතර. එතකොට අපේ තාත්තා මේ ආයතනයේ සංගීත අංශයට සම්බන්ධව සේවය කළා. මගේ තරුණ වයසට එද්දී මම ඉන්ජිනේරු සේවයට යොමු වුවත් ළමා කාලයේ ඉඳලා ගුවන්විදුලිය සමඟ තිබ්බ සම්බන්ධය නැවැත්තුවේ නෑ.

ඉන්පසු වාදකයකු විදිහට සංගීත අංශයේ සේවය කළා. ගුවන්විදුලිය මට ගෙදර වගේ. සේවකයෝ මගේ සහෝදරයෝ. ඒ හැමෝම එක්ක එකතුවෙලා ගුවන්විදුලිය ගොඩනඟන්න අදිටන් කරගෙන ඉන්නවා”

Facebook Comments