වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී දේශපාලකයෙක් වූ අශෝක වඩිගමංගාව සමුගනී..

වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී දේශපාලකයෙක් වූ අශෝක වඩිගමංගාව සමුගනී..

මෙවර මහා මැතිවරණයට සමගි ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතව සිටි පැරණි දේශපාලනඥයෙක් වන අසෝක වඩිගමංගාව මහතා අද (ජූලි 05) සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුත්තලම, කුරුණෑගල මාර්ගයේ පාදෙණිය මංසන්ධියේ දී ඔහුගේ මෝටර් රථය ලොරි රථයක ගැටී වඩිගමංගාව මහතා මියයන විට 65 වන වියේ පසුවිය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ ඒ මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ පැරණි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනය නියෝජනය කළ ඒ මහතා වයඹ පලාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි.

ආර්. ප්‍රේමදාස රජයේ ඉඩම් රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස ද කටයුතු කළ වඩිගමංගාව මහතා මහින්ද රාජපක්ෂ රජය යටතේ වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Facebook Comments