රෝහල්ගත කළ සිව්දෙනා කොරෝනා වෛරසය ආසාදිතයන් බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී නැහැ.

රෝහල්ගත කළ සිව්දෙනා කොරෝනා වෛරසය ආසාදිතයන් බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී නැහැ.

රෝහල්ගත කළ පුද්ගලයන් හතරදෙනා නව කොරෝනා වෛරසය ආසාදිතයන් බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු අංගොඩ බෝවන රෝග රෝහලට (අයි. ඩී.එච්.) වෙත ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු – වුහාන් සිට නැවත දිවයිනට පැමිණි වෛද්‍ය ශිෂ්‍යාවක් සහ එක් පිරිමියෙකු – සහ චීන කාන්තාවන් දෙදෙනෙකු මේ ආකාරයෙන් රෝහල් ගත කර තිබේ.

නව කොරොන වයිරසය වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගේ ජෛව සාම්පල රසායනාගාර වෙත යවා ඇත.

මේ වන විට අදියර කිහිපයක විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර හෙට (27) වන විට නිගමනය ලබා ගත හැකි බව වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

Facebook Comments