රු.10,000 ක් අල්ලස් ගත් වැලිවේරිය පොලිස් ලොක්කා රිමාන්ඩ්!

රු.10,000 ක් අල්ලස් ගත් වැලිවේරිය පොලිස් ලොක්කා රිමාන්ඩ්!

වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රුපියල් 10,000ක්  අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ.

එම  පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී

මහෙස්ත්‍රාත්වරයා විසින් එම සැකකරුව හෙට දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියමකළ බව අප වාර්තාකරු පැවසීය.

හෙට දින සැකකරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ව්‍යපාරිකයෙකුට හෝටලයක් පවත්වාගෙනයාමට අවශ්‍ය උපකාරකිරීම සඳහා රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා

එය ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබිණ.

Facebook Comments