රට තුල සිදුවූ දූෂිතම ගනුදෙනු රැසකට රිෂාඩ්ගේ බිරිද සම්බන්ධ බවට තොරතුරු – CID ය පැය හතර හමාරක් ප්‍රශ්න කරයි.

රට තුල සිදුවූ දූෂිතම ගනුදෙනු රැසකට රිෂාඩ්ගේ බිරිද සම්බන්ධ බවට තොරතුරු – CID ය පැය හතර හමාරක් ප්‍රශ්න කරයි.

මේ වන තෙක් රට තුල සිදුවූ දූෂිත ගනුදෙනු රැසකට මුල් වූ බව කියන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන් මහතාගේ බිරිද කටයුතු කොට ඇති බවට විමර්ශන මගින් හෙළිවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26) දින ඇයව ගෙන්නවා පැය හතර හමාරක ප්‍රකාශයක් ලබාගත් බවට වාර්තා විය.

තිඹිරිගස්යායේ නිවසක් වටලා මීට පෙර අත්අඩංගුවට ගත් සතොස රහසිගත ලියවිලි සම්බන්ධයෙන් කළ විමර්ශන මත හිටපු ඇමැතිවරයාගේ බිරිඳ මෙලෙස සීඅයිඩීයට කැඳවා තිබිණ.

තවද කිලෝවොට් විස්සේ ජෙනරේටර් ආනයනය කරන මුවාවෙන් කිලෝ වොට් දහයෙ ජෙනරේටර් ගෙන්වා කළ ටෙන්ඩර් මගඩියකට අදාළව රහස් පොලිසියටවත් සොයාගත නොහැකිව තිබූ ලියකියවිලිවල මුල් පිටපත් මෙම නිවසෙන් හමුවින.

ඊයේ දහවල් 11.00ට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර සවස 3.30ට දක්වා ප්‍රකාශ සටහන් කරගත් බවත් වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අද (27 ) උදෑසන යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු ඇමැති බිරිඳ කැඳවා ඇති බවත් අපට වාර්තා විය.

Facebook Comments