රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් මහතා රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රපටයක් රූගත කිරීම සඳහා හෙතෙම හයිද්‍රාබාද් නුවරට පැමිණ ඇති අතර එහිදි ඔහුගේ රුධිර පීඩනයේ ඇති වූ හදිසි උස් පහත් වීම් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබේ.

පසුගිය දින දහය මුළුල්ලේ ප්‍රවීණ නළු රජිනිකාන්ත් හයිද්‍රාබාද් හි සිට ඇති බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (25) උදෑසන ඔහු රෝහල් ගත කෙරුණු බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හයිද්‍රාබාද් නුවර ඇපලෝ රෝහල සඳහන් කළේ ය. ඔහු ඇතුළත් කර ඇත්තේ ද එම රෝහල ටය .

රජිනිකාන්ත් මහතා සමඟ රූපගත කිරීම්වලට සම්බන්ධ වූ කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව දෙසැම්බර් 22 වැනිදා තහවුරු වූ බවත් කෙසේ නමුත් රජිනිකාන්ත් මහතාට වයිරසය ආසාදනය වී නැති බවත් පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ බවත් රෝහල නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

රජිනිකාන්ත් වෙනමම තබා ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද රෝහල සඳහන් කළේය.

Facebook Comments