රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ජනවාරි 7 සහ 8

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ජනවාරි 7 සහ 8

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින කල් තැබීමේ විවාදයක් 2020 ජනවාරි 7 සහ 2020 ජනවාරි 8 යන දිනවල පැවැත්වීමට නියමිතය.

අද (ජනවාරි 3) පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් තීරණය කළ බව පාර්ලිමේන්තු තොරතුරු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව විවාදය 7 සහ 8 යන දිනවල ප.ව. 1.00 සිට ප.ව 6.30 දක්වා පැවැත්වේ. එය කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන බැවින් මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු නොවනු ඇත.

මේ අතර, කල් තැබීමේ විවාදයෙන් පසු ජනවාරි 9 වන දින හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කිරීමට ද තීරණය විය.

පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පක්ෂ නායක රැස්වීම සඳහා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අජිත් පී පෙරේරා, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගී වූහ.
 

Facebook Comments