රංජන් අද උසාවියට..

රංජන් අද උසාවියට..

ඊයේ (ජනවාරි 4 ) කොළඹ (දකුණ) අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

පොලීසිය විසින් අධිකරණ නියෝගය මත පැය කිහිපයක්ම රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවස තුළ ඊයේ රාත්‍රියේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඔහු අත්අඩංගුවට ගැණුනේ ලියාපදිංචිය අලුත් නොකළ පිස්තෝලයක් ළඟ තබා ගැනීමේ වරදකට වීම විශේෂත්වයකි.

Facebook Comments