යේමනයේ ඒඩන් ගුවන්තොටුපළේ පිපිරීම් මාලාවක්

යේමනයේ ඒඩන් ගුවන්තොටුපළේ පිපිරීම් මාලාවක්

යේමන නව රජයේ අමාත්‍ය මණ්ඩලය සෞදි අරාබියේ සිට පැමිණෙද්දී ඒඞ්න් නුවර ගුවන් තොටුපලට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

යේමනයේ අලුතින් පිහිටුවන ලද රජයේ කැබිනට් මණ්ඩලය සෞදි අරාබියේ සිට පැමිණෙද්දී දකුණු දිග ඒඩ්න් ගුවන් තොටුපලට මිසයිල ප්‍රහාරයක්ද එල්ල වී තිබෙනවා.

නව කැබිනට් මණ්ඩලය පිළිගැනීමට ගුවන් තොටුපල වෙත පැමිණ සිටි පිරිස ඝන කළු දුමාරය මධ්‍යයේ සී සී කඩ පළා ගිය බව විදෙස් වාර්තා සඳහන් කළා.

යේමන රජය මේ සම්බන්ධයෙන් චෝදනා කළේ හවුති කැරලිකරුවන්ටයි.

සානා අගනුවර ඇතුළු එරට විශාල ප්‍රදේශයක බලය පතුරුවා සිටින හවුති කැරලිකරුවන් පළවා හැරීමට සෞදි අරාබිය 2015 වසරේ සිට ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබනවා.

යේමනයේ සිවිල් යුද්ධයෙන් මේ වනවිට එක්ලක්ෂ දසදහසකට අධික පිරිසක් මියගොස් ඇති අතර, මිලියන සංඛ්‍යාත පිරිසක් සාගතයකට මුහුණ දී සිටින බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

Facebook Comments