යකඩ සමනලිය කී කතා

යකඩ සමනලිය කී කතා

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ බිරිඳ හෙවත් යකඩ සමනලිය නම් ලද ඉමෙල්ඩා මාකෝස් ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ….. 

“මට සපත්තු කුට්ටම් තුන් දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක් දාස් හැටක් පමණයි!”

“මං ඉන්ටර්වීව් දෙනවට, මගේ සැමියා එච්චර කැමති නෑ. කතා නොකරන තරමට ප්‍රශ්ණ අඩුයි.”

“පිලිපීනුවෝ ලස්සනට කැමතියි. හිඟන පිලිපීනුවන්ට උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ, මං තරුවක් වෙලා ලස්සනට හිටියොත් තමයි.”

“මං ජනාධිපති ආර්යාව වුනේ අහම්බෙන්. මාව මිනිස්සු තෝරලා පත් කරල ද? ඒත් මේ මං ඉන්නෙ!”

“දිනුවත්- පැරදුනත්, ඡන්දෙන් පස්සෙ අපි ෂොපිං යනවා…. !”

ඇත්තටම මේ රස කතා ද කියලා මාකෝස් යුවළගේ පැටිකිරිය දන්න අය හිතයිද?

Facebook Comments