මෛත්‍රීට දෙවන වතාවටත් ජනපති වීමේ සිහිනයක් තිබ්බා – හේමසිරි කියයි

මෛත්‍රීට දෙවන වතාවටත් ජනපති වීමේ සිහිනයක් තිබ්බා – හේමසිරි කියයි

පාස්කු ප්‍රහාරය සම්භන්දයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනියමාර්ථයෙන් විශාල වැරදිකරුවෙකු බවට පත් වෙමින් තිබේ.ඒ හිටපු පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් යන දෙදෙනාගේම සාක්ෂි මතයි.

මේ අතර දෙවන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය කලු පැල්ලමක් වූ නිසා තමා සහ හිටපු පොලිස්පතිවරයාව දේශපාලන බිලිදීමකට ලක්කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පාස්කු කොමිසම යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කරන ලදී.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) 8වැනි දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ජාතික බුද්ධි ප්‍රධානී තනතුර හෑල්ලුවට ලක්වූ බවද හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද (03) දිනයේද සිදුකෙරේ.

Facebook Comments