මෛත්‍රීගේ පුතාට පොලීසිය අමානුෂික ලෙස පහරදෙයි – අදාල නිලධාරීන්ගේ වැඩතහනම්

මෛත්‍රීගේ පුතාට පොලීසිය අමානුෂික ලෙස පහරදෙයි – අදාල නිලධාරීන්ගේ වැඩතහනම්

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පැලියගොඩ පොලීසියේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇත.

සැකකරුවකු බැලීම සඳහා මිගාර ගුණරත්න මහතා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් වටවී ඉතා අමානුෂික ලෙසත් කෘර ලෙසත් තම පුත්‍රයාට පහරදී ඇති බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා “අරුණට ” පුවත්පතට පවසා ඇත.

මෛත්‍රීගේ පුතාට පහරදුන් බවට චෝදනා ලබා සිටින පෑලියගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද(26) පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පොලිස් ස්ථානයක් තුල මෙවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ සකකරුවෙකු බැලීම සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගිය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට පහරදීමෙන් පසු ඔහු රාගම රෝහලට ඇතුලත් කර තිබේ.

මිගාර ගුණරත්න මහතා සඳහන් කරන්නේ තමන් නීතිඥයන්ගේ සේවාදායකයෙකු වෙත ආහාර රැගෙන ගිය අවස්ථාවේ පොලිසියේ පිරිසක් විසින් අතින් පයින් සහ පොලු වලින් තමන්ට පහර දුන් බවයි.

Facebook Comments