මෛත්‍රීගේ පාර්ලිමේන්තු සිහිනය තවම සාකච්ජා මේසයේ..

මෛත්‍රීගේ පාර්ලිමේන්තු සිහිනය තවම සාකච්ජා මේසයේ..

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සදහා තරග කිරීමට අවස්ථාව ලබා දෙන්නේද යන වග ලබන සතියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ රැස්වීමේදී අවසන් වශයෙන් තීරණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේය.

එම හමුවේදී හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වනවාද යන වග හා ඉදිරිපත් වන්නේනම් ඒ කුමන දිස්ත්‍රික්කයක් මුල් කොටගෙනද යන්න දීර්ඝව සාකච්ජා කිරීමට මෙහිදී බලාපොරොත්තු වන වග ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Facebook Comments