මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්!

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්!

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස හයක සේවා දිගුවක් කාලයක් ලබා දී ඇති බව ජනාධිපති මහලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සේවා කාලය දීර්ඝ කිරීම ජුනි 22 සිට 2019 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ.

මේජර් ජෙනරාල් සිල්වා 1984 දී යුද හමුදාවට එක්වූ අතර, මාණ්ඩලික ප්‍රධානී වීමට පෙර දෙවන ලුතිනන් සහ මේජර් ජෙනරාල් තනතුරට පත්විය. මාණ්ඩලික ප්‍රධානී යනු යුද හමුදාවේ දෙවන ඉහළම තනතුර ය. ඊට අමතරව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙසද කටයුතු කරයි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2019 ජනවාරි මස 9 දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කරන ලදි.

උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ යුද හමුදාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ නිලධාරියෙක් ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකට ය.

Facebook Comments