මෙතෙක් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය හමුවෙයි..

මෙතෙක් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය හමුවෙයි..

මාෂල් දූපත් වලින් පොලීසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකින් මෙතෙක් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබෙනවා

අතහැර දමා ගොස් ඇති කුඩා අත් බෝට්ටුවක් වෙරළට ගසාගෙන එමෙන් පසු මෙය හමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකාව ලතින් ඇමරිකාවේ සිට පැසිෆික් සාගරය හරහා ගසාගෙන ගොස් මාස ගණනාවක් මුහුදේ තිබු බවට විශ්වාස කෙරේ.

කොකේන් 649kg තිබී ඇති අතර ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 80 කි.

මීටර් 5.5 ක් දිග (අඩි 18) බෝට්ටුව අයිලුක් ඇටොල්හි ප්‍රදේශවාසියෙකු විසින් සොයා ගෙන තිබේ.

ප්‍රදේශවාසීන් යාත්‍රාව ගෙනයාමට උත්සාහ කළ නමුත් එය බරින් අධික බැවින් එය කිරීමට නොහැකි වී ඇති අතර වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව බෝට්ටුවේ සැඟවුණු මැදිරියක තිබී මත්ද්‍රව්‍ය පැකට් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

මාෂල් දූපත් නීතිපති රිචඩ් හික්සන් පවසන්නේ බෝට්ටුව වසරකට වැඩි කාලයක් තිස්සේ ගසාගෙන මැනිණ තිබෙන බවයි. එය බොහෝ දුරට මධ්‍යම හෝ දකුණු ඇමරිකාවෙන් විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

Facebook Comments