මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මහින්දට පොත් දෙකක් දෙයි..

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මහින්දට පොත් දෙකක් දෙයි..

නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසින් රචිත

ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා (පෙබරවාරි 25) පස්වරුවේ පිළිගැන්වනු ලැබීය.

ඒ ‘රන් හීය’ සහ ‘හෙළ වෙදකමේ යටගියාව’ නැමති ග්‍රන්ථ ද්විත්වයයි.

උත්සවය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

සිළුමිණ පුවත්පතට ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ‘හීය’ නමින් ලියූ තීරු ලිපි සමුච්චයෙන් තෝරාගත් ලිපි එකතුවක් රන් හීය ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ.

හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය ඉපැරණි හෙළ වෙදකමේ අක්මුල් සෙවීමකි.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කළහ.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරු වන මහාචාර්ය ජී.එල් පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා,

ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර,

රාජ්‍ය අමාත්‍යවරු වන මහාචාර්ය චන්න ජයසුමන, සීතා අරඹේපොළ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Facebook Comments