“මිරුසුවිල් සංහාරයට” මරණ දණ්ඩනය හිමිවූ හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව.

“මිරුසුවිල් සංහාරයට” මරණ දණ්ඩනය හිමිවූ හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව.

යාපනය, මිරුසුවිල්හි සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වූ හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට ජනාධිපති සමාව ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර සිටියේය.

එහිදී වසර 13 ක දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණය විසින් 2015 ජුනි 25 වැනි දින ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.

2000 වසරේ දෙසැම්බර් 20 වන දින සිදුවූ “මිරුසුවිල් සංහාරය” ලෙස නම් කරන ලද මෙම සිදුවීමේදී සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෙබළුන් 14 දෙනෙකු පළමුව අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔවුන්ගෙන් 9 දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර හිටපු මාණ්ඩලික සැරයන් රත්නායක ඇතුළු ඉතිරි සොල්දාදුවන් පස් දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර ලැබිණි.

එහිදී එම සෙබළුන් පස් දෙනාගෙන් 4 දෙනෙකු ඝාතනවලට සම්බන්ධ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වූ බැවින් නිදහස් කෙරුණු අතර මාණ්ඩලික සැරයන් සුනිල් රත්නාය චෝදනා 15කට වැරදිකරු කොට අධිකරණය මරණ දඩුවම නියම කරන ලදී.

ඒ අනුව අද (26) දින ජනාධිපති සමාව ලැබීමෙන් පසු සුනිල් රත්නායක සිය නිවසට පැමිණ ඇති බව මාධ්‍ය වාර්තා කර සිටියේය.

Facebook Comments