මියන්මාරයේ අවුන් සං සුකි සහ ජනපති ලද චෝදනා මෙන්න.

මියන්මාරයේ අවුන් සං සුකි සහ ජනපති ලද චෝදනා මෙන්න.

මියන්මාරයේ රාජ්‍ය උපදේශිකා අවුන් සං සුකි සහ එරට ජනපති වින් මින්ට් ට එරෙහිව චෝදනා ප්‍රකාශයට පත් කිරීමට එරට පොලීසිය තීරණය කොට ඇත .

ස්වභාවික ආපදා කළමනාකරණ නීතිය කැඩූ බවට ජනපතිටත්, සන්නිවේදන උපකරණ කිහිපයක් ගෙන්වීමට අදාලව ආනයන අපනයන නීති කැඩූ බවට සුකීටත් චෝදනා ගොනුකර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා .

මේ වෙනුවෙන් අවුන් සං සුකි 15 වනදා තෙක් නිවාස අඩස්සියේ තබා ඇති බවයි වාර්තා වන්නේ .

කොවිඩ් සමයේ වාහන යොදාගනිමින් සංචාරය කළ බවට ජනපතිට එල්ල වූ චෝදනා සනාථ කර ඇත. සුකී ගේ නිවසින් විද්‍යුත් උපකරණ හමුවීම ඇයට එරෙහි චෝදනා වල සාක්ෂියයි.

කෙසේ වෙතත් මෙම සමස්ත හමුදා කුමන්ත්‍රණය පිලිබදව ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල් කනස්සල්ල පල කොට ඇති අතර එය ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව කැළලක් බවට චෝදනා කරනවා .

මේ අතර එරට ආනයන අපනයන පනත කුප්‍රකට සහ නොපැහැදිලි එකක් බව ” අල් ජසීරා ” ජාත්‍යන්තර මාධ්‍ය හෙලිකලා .මින් පෙර ද පැවතී හමුදා පාලනය මගින් දේශපාලන සිරකරුවන් සිරගත කිරීම සදහා මෙම පනත යොදාගත් බව ප්‍රකාශ කරනවා.

Facebook Comments