මාතර, අපරැක්ක රිය අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මරුට..

මාතර, අපරැක්ක රිය අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මරුට..

අද (04) අලුයම 6.00 ට පමණ මාතර අපරැක්ක ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

වාර්තා වන අන්දමට අනතුරට පත් වහාන ඇඟලුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාවන්ගෙන් එක් අයෙකු දරුවන් හතර දෙනෙකුගේ මවක් වන අතර අනෙක් කාන්තාව දෙදරු මවකි. වයස අවුරුදු 35 සහ 43 යන වයස්වල පසුවන ඔවුන් බෙලිඅත්ත සහ පුහුල්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ වෑන් රථයෙන් ප්‍රවාහනය කළ කාන්තා ඇඟලුම් කම්හල් සේවිකාවන් පස් දෙනෙකු සහ බස් රථයේ සිටි සේවකයින් 02 දෙනෙකු මාතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මාරක අනතුර සම්බන්ධයෙන් වාහන දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook Comments