මහරගමින් තවත් ආසාදිතයන් 15 දෙනෙක්.

මහරගමින් තවත් ආසාදිතයන් 15 දෙනෙක්.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙ හා වරායේ ආසාදිතයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බවට සැකකරන තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පහළොස් දෙනකු අද (26) දින මහරගම නගර සභා බල ප්‍රදේශය තුලින් හඳුනාගැනීමට හැකි වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිවේදනය කරන ලදී.

මෙසේ හඳුනාගත් ආසාදිතයින් නාගහවත්ත ,පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත ,නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙනිය සහ ජයගත් පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව එම කාර්යාලය ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව මෙම ආසාදිතයින් 15 දෙනාගේ ආශ්‍රිතයන් දෙසීයකට ආසන්න පිරිසක් නිවාස 25 ක් තුල ස්වයන් නිරෝධායන ට යොමු කර ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Facebook Comments