මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙසින් පෙනී සිට රන් ආභරණ කොල්ල කා පලා ගිහින්..

මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙසින් පෙනී සිට රන් ආභරණ කොල්ල කා පලා ගිහින්..

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, මහව, කිත්තපහුව ප්‍රදේශයේ නිවසක ව්‍යාජ පීසීආර් පරීක්ෂණ සිදු කර පවුම් 3.5 ක් පමණ වන රන් ආභරණ කොල්ල කා පලාගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 29) පස්වරු 3.30 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

සැකකරුවන් නිවැසියන්ට පෙති කිහිපයක් ලබා දී ඇති අතර, ඒවා පාවිච්චි කළ නිවැසියන්ට ඒ මොහොතේ සිහිය නොමැතිව ගොස් අද උදෑසන (ඔක්තෝබර් 30) අවදි වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පීසීආර් පරීක්ෂණයක් සිදු කරන විට පෙති හෝ ඖෂධ ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කර ඇති බව ඔහු සඳහන් කළේය.

රටේ පවතින වසංගත තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන මෙවැනි වංචාකරුවන් පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Facebook Comments