“මම ප්‍රතිපත්ති ගරුක වූ නිසා එජාප ආණ්ඩුවෙන් මාව ඉවත් කළා.” විජේදාස රාජපක්ෂ කියයි.

“මම ප්‍රතිපත්ති ගරුක වූ නිසා එජාප ආණ්ඩුවෙන් මාව ඉවත් කළා.” විජේදාස රාජපක්ෂ කියයි.

පැවැති ආණ්ඩුවට පක්ෂව විවිධ නඩු විභාග කිරීමට අධිකරණය හැසිරවීම තමන් ප්‍රතික්ෂේප කළ බැවින් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී අධිකරණ අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කළ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (ජනවාරි 24) ප්‍රකාශ කළේය.

“අධිකරණය හරහා විපක්ෂ දේශපාලනඥයන්ට හිරිහැර කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මාව ඉවත් කළා,” ඔහු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කළ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පක්ෂග්‍රාහීව කටයුතු කළ බව මන්ත්‍රීවරයා පැවසීය.

“ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති ධුරයට නම් තුනක් යවද්දී මම යෝජනා කළේ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමටයි. කෙසේ වෙතත්, අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ලෙස පුජිත් ජයසුන්දර පත් කරනු ලැබුවේ එවකට ඔවුන්ට පක්ෂපාතී අයෙකු එම තනතුරට පත් කිරීමට අවශ්‍ය වූ නිසා යැයි ඔහු පැවසීය.

Facebook Comments