මං ඉවරයි!

මං ඉවරයි!

පිරිමි ළමයි තුන්දෙනෙක් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය පැත්තෙන් ඇවිදගෙන යද්දි කවුදෝ උදව් ඉල්ලමින් කෑගහනව ඇහුනා. බලද්දි ජනාධිපතිතුමා වතුරෙ ගිලෙන්න යනවා. ළමයි ටික වතුරට පැනලා ජනාධිපතිතුමාව ඇදගෙන ගොඩට ගෙනාවා.

තමන්ගෙ ජීවිතේ බේරගත්තු ළමයින්ට ජනාධිපතිතුමා කියනවා ” කියන්න මම ඕන උදව්වක් කරන්නම්” කියලා. එක ළමයෙක් කියනව. “මට ආණ්ඩුකාරකමක් දෙන්න”.  දෙවෙනි ළමයා මෙහෙම කිව්වා. ” මට සංස්ථා සභාපතිකමක් දෙන්න”

එකපාරටම තුන්වෙනි ළමයා මෙහෙම කිව්වා. ” මට හොඳට හයියට හදපු සොහොනක් තිබ්බ නං හොඳටම ඇති”

ජනාධිපතිතුමා අහනවා ” ඇයි පුතා එහෙම කියන්නෙ?”

“මගේ තාත්තා දැනගත්තොත් මං ඔයාව බේරගත්තා කියලා, එයා මාව ඉතුරු කරන්නෙ නෑ.”

(කාටූන් : එම්. ඩී . වීරරත්න)

Facebook Comments