බීමත්ව රිය පැදවූ ලංගම රියැදුරුගේ සේවය අත් හිටුවන්න ඇමැතිගෙන් නියෝග..

බීමත්ව රිය පැදවූ ලංගම රියැදුරුගේ සේවය අත් හිටුවන්න ඇමැතිගෙන් නියෝග..

බීමත්ව රිය පැදවීමේ චෝදනාවට ලක්ව සිට අත්අඩංගුවට පත්ව සිටින යාපනය – අක්කරෛපත්තු බස් රථයක ලංගම රියැදුරාගේ සේවය වහාම අත්හිටුවන ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

ලැබුණු ඔත්තුවක් මත හමුදාවේ සහාය ඇතිව ඊයේ රාත්‍රියේ අදාළ රියැදුරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනේ යාපනය නාවත්කුලි ප්‍රදේශයේ දී ය.

ලංගම බසය පරීක්ෂා කිරීමේ දී සැකකරුගේ ගමන් මල්ලේ තිබී අරක්කු සහ බියර් බෝතල් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 

Facebook Comments