බැංකු කටයුතු පිලිබදව පොලිස් නිවේදනයක්.

බැංකු කටයුතු පිලිබදව පොලිස් නිවේදනයක්.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුකොටගෙන එම දිස්ත්‍රික්කවල බැංකු ශාඛා විවෘත වුව ද සමාන්‍ය පරිදි ගනුදෙනු පවත්වා ගැනීමට අවස්ථාව දී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කර සිටියේය.

ඒ අනුව එම බැංකු ශාඛා මගින් අභ්‍යන්තර සහ වාණිජ කටයුතු පමණක් සිදු කෙරෙන බවත් පොදුජනතාව සමග කිසිදු ගනුදෙනුවක් එම ප්‍රදේශවල බැංකු ශාඛා මගින් සිදු නොකරන බවත් ඒ මහතා පවසා සිටියේය.

තවද අද (26) දින උදැසන 6.00ට ඇඳිරිනීතිය ඉවත් කරනු ලැබූ දිස්ත්‍රික්ක වල බැංකු කටයුතු පස්වරු 12.00 දක්වා සිදු කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Facebook Comments