බල්ලෙකු සපා කෑමෙන් මාස එක හමාරකට පසුව දරුවෙක් මිය යයි

බල්ලෙකු සපා කෑමෙන් මාස එක හමාරකට පසුව දරුවෙක් මිය යයි

මෙරට ජලභීතිකා රෝගය ඉහළ යාම වැලැක්වීම සදහා එන්නත් කටයුතු සිදු කිරීම සෞඛ්‍ය අංශ මගින් ඉතා සාර්ථකව සිදු කරනු ලබයි.එසේ උවත් මීට මාස එකහමාරකට පමණ පෙර අයාලේ යන බල්ලෙකු සපා කන ලද පාසල් සිසුවෙකු අසනීප වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (29) මියගිය බව රෝහල් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාපලගම ගොරකගස්දුව පදිංචිව සිටි කහවෙ ගුරුගේ ගවේෂ් නෙත්සර නැමති 12 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවාගේ මරණ පරික්ෂණය හදිසි මරණ පරික්ෂක ඒ.ආර්.එම්.නාසිම් මහතා විසින් කරාපිටිය රෝහලේ දි පැවැත්වූ අතර පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් පවත්වන ලදි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තාකර ඇත්තේ සිසුවාගේ මරණයට හේතුව ජල භිතිකාව බවට සැකකරන අතර වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂනායතනයට යවා වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව ස්ථිරවම ප්‍රකාශ කරන බවයි.

මියගිය සිසුවාගේ අක්කා මරණ පරික්ෂණයේදි සාක්කි දෙමින් කියා සිටියේ මෙයට මාස එකහමාරකට පමණ පෙර ටියුෂන් පංතියට යන ගමන් මල්ලි පාරේ දී බල්ලෙක් සපා කා ඇති නමුත් එයට ප්‍රතිකාර නොගත් බවයි.

මරණ පරික්ෂණයේදි ඉදිරිපත්වු සාක්කි හා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරයා මරණ පරික්ෂණයේ තින්දුව පසුවට කල් තබා ප්‍රමාදයකින් තොරව අඩි හයක් ගැඹුරු වලක සිරුර මිහිදන් කරන ලෙසට නියෝග කර සිරුර ඥාතීන්ට බාර දෙනු ලැබිණි.

Facebook Comments