පොලිස් ජීප් රියට පහර දෙන්නෙ චන්ද්‍රරතන හිමි නොවේ.

පොලිස් ජීප් රියට පහර දෙන්නෙ චන්ද්‍රරතන හිමි නොවේ.

අද (මාර්තු 08) කොළඹ පැවති උද්ඝෝෂණයක් අතරතුර කොටුව පොලීසියේ ජීප් රථයට පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කරන අයුරු කැමරාවේ සනිටුහන් ව තිබේ.

උද්ඝෝෂකයින් කොටුව දුම්රියපොළ පසුකර ඉදිරියට ගමන් කරනවාත් සමග පුද්ගලයෙක් පැමිණ මාර්ගයේ ගමන් කරමින් තිබු පොලිස් ජීප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර දිව යන අයුරු එහි දැක්වේ.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි සහ තවත් පුද්ගලයෙක් කොටුව පොලීසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Facebook Comments