පෙර මතක සිහිකරමින් රන්ජන් වෙනුවෙන් ‘දඟගෙයි දඬුවම් සියුමැලි වේනම්’ ගැයෙයි…

පෙර මතක සිහිකරමින් රන්ජන් වෙනුවෙන් ‘දඟගෙයි දඬුවම් සියුමැලි වේනම්’ ගැයෙයි…

විජය කුමාරතුංගයන් ගැයූ ‘දඟගෙයි දඬුවම් සියුමැලි වේනම් අලුගෝසුවනේ එල්ලාපන්” ගීතය රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුව තුළ අද දින ගායනා කරමින් පෙර මතක සිහි ගැන්වීමක් සිදු කෙරිණි.

ඥාතීත්වයට විජය කුමාරතුංගයන්, රන්ජන් රාමනායක මහතාට මාමා වන අතර එදා ජේ.ආර්. ජයවර්ධන රජය නැක්සලයිට් චෝදනාව මත විජය කුමාරතුංගයන් සිර ගත කල අතර එම සිද්ධිය පදනම් කරගෙන විජය කුමාරතුංගයන් ගැයූ මෙම ගීතය එදා මෙන්ම අදත් රසිකයන් අතර ජනප්‍රියව පවතී.

ඊයේ (07) දින කතානායකවරයා විසින් රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඇතිවූ විපක්ෂයේ විරෝධය අද දක්වාත් පැමිණ තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම නීතින්විරෝධී බවත් ආණ්ඩුවේ කුමන්ත්‍රණවලට කතානායකවරයා හවුල් බවටත් චෝදනා කරමින් කළ කතාවට ආණ්ඩු පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර අවසානයේ දෙපාර්ශවය එකිනෙකා ගුටිබැට හුවමාරු කර ගැනීමටද සූදානම් විය.

මේ අවස්ථාවේ කතානායකවරයා පාර්ලිමේන්තුව සුළු වේලාවකට කල් තැබූ අතර ඒ අවස්ථාවේ සමගි ජන ජන බලවේගය මන්ත්‍රීවරුන්ගේ විජය කුමාරතුංගයන්ගේ මේ ඉතා ජනප්‍රිය ගීතය පාර්ලිමේන්තුව තුළ ගායනා කළේ රන්ජන් රාමනායක මහතාට උපහාරයක් ලෙසය.

Facebook Comments