පාසල් නිවාඩුව කල් යන ලකුණු

පාසල් නිවාඩුව කල් යන ලකුණු

උසස් පෙළ විභාගය අවසන් වීමත් සමග තෙවන පාසල් වාරය නොවැම්බර් නව වන දින ආරම්භ කිරීමට තීරණය කොට තිබුන අතර පවතින වාතාවරණය මත පාසල් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නිර්දේශ ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා විය.

එහිදී දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරක් පුරාම කොවිඩ් ආසාදිතයන් හමු වීම නිසා තෙවන පාසල් වාරය නොවැම්බර් නව වන දින ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව පාසල් පැවැත්වීම සදහා පෙරදී නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවත් නැවත පාසල් ආරම්භය පිළිබදව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටුව සමගද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වනබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේය.

Facebook Comments