පාඨලී චම්පික, වික්ටර් අයිවන් සහ මහින්ද රාජපක්ෂ

පාඨලී චම්පික, වික්ටර් අයිවන් සහ මහින්ද රාජපක්ෂ

පැත්ත

මොරටුව විවියේ ඉගෙනගත්තු චම්පික ඒ කාලෙ තදටම ප්‍රේමදාස – ජේආර් එක්ක හැප්පුණු කෙනෙක්. අන්තර් විවි බලමණ්ඩල නියෝජනයෙනුත් අයින් වෙලා ජාතිකවාදී ව්‍යාපාරය පටන් ගත්ත කාලෙ. කොළඹ කැම්පස් එකේ හේමන්ත චන්ද්‍රසිරි මිනුවන්ගොඩදී පැහැරගත්තෙ 89 ඔක් 13. ඔහු බේරගන්න අශෝක අබේගුණවර්ධන සමග සැලැස්මක් හදන්නට යද්දි චම්පිකව අත් අඩංගුවට ගන්නව ඔක් 14 වෙනිදා. ඇස් බැඳල දම්වැල් දාල චම්පික එක්ක හත් දෙනෙක් රඳවා තැබුවෙ කොළඹ නීති පීඨයේ වධකාගාරයක.

දිනකට එක් වරක් පමණක් ශරීර කෘත්‍යන් සඳහා දම්වැලෙන් ලිහල, අනික් හැම වෙලෙම දෑස් බැඳ දම්වැල් දමා තිබුනෙ. අනෙක් අයට කල පහරදීම් වලට එරෙහිව හඬ නැගූ නිසාම චම්පිකට පහර දීම් වලට ලක් වන්නටත් සිදු වුනා. හැබැයි චම්පික නෙවේ අනෙක් සටන් සගයන් ගැන විස්තර බෙඳක්වත් කටින් හැලුවෙ.

මහින්ද මේ ගැන පාර්ලිමේන්තුවෙ කතාවක් කරනව ” අද රජ කර තිබෙන්නේ කැලෑ නීතියයි” කියල, ගොඩක් බාධා කිරීම් මධ්‍යයේ. මේ බලපෑම් සහ, ඒ වෙද්දි රාවය පුවත්පතේ නිදහස් ලේඛකයෙකු නිසා වික්‍ටර් අයිවන් මැදිහත් වෙලා චම්පිකව නිදහස් කර ගන්නව. ඒ අවු 30කට පෙර අද වගේ දවසක.

No photo description available.

වික්ටර් අයිවන් සහ චම්පික අදත් එකම පැත්තක. හැබැයි ඒ එදා උන්නු පැත්තට සම්පූර්ණයෙන් විරුද්ධ පැත්තක. හරි පැත්ත කියන එක සාපේක්ෂයි.

රුවන් විජේමාන්න

Facebook Comments