නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අධිචෝදනා ගොනු කරයි.

නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අධිචෝදනා ගොනු කරයි.

ඊයේ (30) දින නීතිපතිවරයා විසින් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබිණි.

ඒ නීතිවිරෝධි අන්දමින් ස්වයංක්‍රීය ගිනිඅවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 882 මුල් කරගනිමින් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය ගොනු කරන ලදී.

මිට පෙර නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන්ම අධිචෝදනා 7573 කින් යුත් අධිචෝදනා පත්‍රයක් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කොට තිබිණි.

එහිදී එම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සලකා බැලූ ‍විශේෂ මාහධිකරණ විනිසුරු මඩුල්ලඅධිචෝදනා පත්‍රයේ සඳහන් අධිචෝදනා 7573 න් අධිචෝදනා 19 ක් හැර සෙසු සියලු අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට පසුගිය 17 වනදා තීන්දු කරනු ලැබිණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉතිරි වූ අධිචෝදනා 19 සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සදහා මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය ගොනුකරනු ලැබිණි.

මෙම නඩුව ලබන 10 වැනිදා ධම්මික හේමපාල , ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිත බවට වාර්තා කරන ලදී.

Facebook Comments