නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් කැස්බෑවන්ට හානි සිදු වෙලා…. ?

නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් කැස්බෑවන්ට හානි සිදු වෙලා…. ?

පසුගිය දිනවල සමාජය තුළ දැඩි කතා බහට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව සම්බන්ධව නීතිමය කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී.ඒ අනුව නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජයෙන් දරන ලද වියදම ගෙවීමට අදාල නෞකා සමාගම එකගතාවය පළ කරන ලදි.

එවැනි පසුබිමක් යටතේ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවෙන් ඉන්ධන කාන්දු වීම නිසා එම මුහුදු කලාපයේ කැස්බෑ විශේෂවලට බලපෑමක් සිදුව ඇත්ද යන්න පිළිබඳ නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ මුහුදු ප‍්‍රදේශය ඉකුත් දිනවල නිරීක්ෂණය කළ අවස්ථාවේදී කැස්බෑවුන්ගේ අසාමාන්‍ය හැසිරීමක් දක්නට ලැබුණු බව එම ආයතනයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ ය . එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව ගිනි ගැනීමට ලක්වූ මුහුදු ප‍්‍රදේශයේදී සාමාන්‍යයෙන් කැස්බෑ විශේෂ මුහුද මතුපිට දක්නට ලැබීම විරල දසුනක් වුව ද ඉකුත් දිනවල කළ නිරීක්ෂණයේදී කැස්බෑවුන් මුහුදේ ජලය මතුපිට දක්නට ලැබුණු බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කරන ලදි.

කෙසේ වෙතත්, එය නිරීක්ෂණය වී ඇත්තේ නෞකාවෙන් කාන්දු වූ තෙල් පැල්ලම් දක්නට ලැබුණු ප‍්‍රදේශවල නොවන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කර සිටියේ ය.

ඒ අනුව කැස්බෑවුන්ගේ චර්යාවේ වෙනසට අදාළ තෙල් කාන්දුව සෘජුවම හේතු වී ඇත්ද යන්න නිශ්චිතව කිව නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Facebook Comments