දිස්ත්‍රික් 24කම කොරෝනා.. තවමත් බේරී ඇත්තේ කිළිනොච්චිය පමණයි..

දිස්ත්‍රික් 24කම කොරෝනා.. තවමත් බේරී ඇත්තේ කිළිනොච්චිය පමණයි..

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම මේ වන විට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහින් වාර්තා වන ආසාදිතයින් ගණන 2960 කි.

දෙවනුව ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹින් වාර්තා වන ආසාදිතයින් ගණන 1760 කි.

ඊයේ (ඔක්තෝබර් 29) දිනය වනවිට ආසාදිතයින් වාර්තා නොවී තිබුණේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් වුවද අද වනවිට මුලිතිව් දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

Facebook Comments