තවත් කොවිඩ් – 19 වෛරස ආසාදිත රෝගීන් 140 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දෛනික තත්ත්ව වාර්තාව අනුව පහත සඳහන් රෝහල්වලින් සුවය ලද රෝගීන් නිදහස් කර තිබේ.
ජාතික බෝවන රෝග විද්‍යායතනය (NIID) – 18
ඉරණවිල රෝහල – 03
මිනුවන්ගොඩ මූලික රෝහල – 01
රඹුක්කන දිස්ත්‍රික් රෝහල – 03
කාත්තන්කුඩි රෝහල – 19
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල – 78
තෙල්දෙණිය මූලික රෝහල – 08
ගල්ගමුව මූලික රෝහල – 03
කොස්ගම දිස්ත්‍රික් රෝහල – 04
දංකොටුව දිස්ත්‍රික් රෝහල – 03
මෙම වර්ධනීය තත්ත්වය අනුව දැනට රට තුළ කොරෝනා රෝගීන් 4,282 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ දැනට තහවුරු වූ කොරෝනා ආසාදිතයන් ගණන 9,791 ක් වන අතව; දැනට ඉන් 5,490 දෙනෙක් සක්‍රීය රෝගීන් ලෙස දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.