තවත් පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා..

තවත් පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා..

බසනාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සිටින තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් බවට පත්ව ඇති බව වාර්තා අනාවරණය කරයි.

මෙම වර්ධනයත් සමඟ බස්නාහිර පළාතේ කොරෝනා වෛරසය ධනාත්මක වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තාවලට අනුව, පොලිස් නිලධාරීන් 112 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් 771 දෙනෙකු ස්වයං හුදකලාව තබා ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Facebook Comments